Monday, March 8, 2010

ගැබිණි මුල් කාලයේ ඇතිවන ගැටළු-පිළියම්

කාන්තාවක් ගර්භණී වූ දින පටන්ම  ප්‍රශ්න වැලක පැටලෙන්නීය. ඒ මන්ද යත් ඇය තුලින් විවිධ වූ ශරීරික මෙන්ම මානසික වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවන බැවිණි.
එම නිසා ඒ ගැන ඔබට යම් දැනුමක් ලබා දීමට මම සිතුවෙමි.

මෙහිලා මුල්ම ප්‍රශ්නය ලෙස වෛද්‍යවරයෙක් හමු විය යුත්තේ කවදාද යන්න සලකා බලමු.
ඇත්තටම වෛද්‍යවරයා හමුවීම සති 6-12 කාලයේ කලාම ප්‍රමාණවත්. නමුත් තමා ගර්භණී බව දැනගත් විගස පවුල් සෞඛ්‍ය සේවිකාවට දැන්වීම අවශ්‍යය.
ඒ හා සමගම සායනයට සහභාගි වීමත් ඉතාම වැදගත්. එ මන්ද යත් එතනදි ඔබේ මූලික පරීක්ෂාවන් සියල්ලම පාහේ සිදු කරනා බැවිණි.

උදාහරණ ලෙස,
    * බර, උස, රුධිර පීඩනය මැනීම
    * පෝෂණ තත්වය තීරණය කිරීම
    * රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය සහ සීනි ප්‍රමණය මැනීම

වෛද්‍යවරයා හමුවීමෙන් දැනගත හැකි වැදගත් කරුණු මෙසේ දැක්විය හැකිය.
    * තමන්ට තිබෙන කාලීන රෝග ගැන තීරණ ගැනීම
    * ප්‍රතිකාර වෙනස් කිරීම් හෝ අලුත් එක් කිරීම් කිරීම
    * අනවශ්‍ය ඖෂධ ගැනීම් නැවැත්වීම




ගැබිණි කාන්තාව මුහුණ දෙන ඊලග ප්‍රශ්ණය වන්නේ ශාරීරික වෙනස්වීම් වලින් ඇතිවන ඒවාය. එනම් වමනය, ඔක්කාරය, ක්ලන්තය, අහාර ආරුචිය පියයුරු පුපුරු ගැසීම වගේ දෙවල්. සාමාන්‍යයෙන් ගැබිණි කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක අයෙකුට ඔක්කාරය තියනවලු. එයිනුත් අඩකට පමණ වමනය ඇති වෙනවාලු. මේ වමනයට උදා වමනය කියල කියනවා. ඒ උනාට ඇතැම් විට මේක දවස පුරාම තියන දෙයක්. ගැබිනි කාන්තාවන් මේ වමනය අප්‍රිය කලාට ඒකෙ හොඳ පැත්තකුත් තියනවා. ඒ තමයි වමනෙ යන අම්මලාගේ බබා ගබ්සා වීමේ අවදානම අනික් අම්මලාට වඩා ගොඩාක් අඩුයි. ඒ වගේම ළදරු මරණ වීමේ ප්‍රවණතාවය සහ අංගවිකලතා ඇති වීමෙ හැකියවත් අඩුයිලු. උදා වමනය තියන අම්මලාට අඩු මාසෙන් බබාලා ලැබෙන්නෙත් නැහැ කියල තමයි වෛද්‍යවරු කියන්නේ. මේ ඔක්කෝම උදා වමනයේ යහපත් ප්‍රථිඵල. කොහොම වුනත් මුල් මාස 3න් පස්සේ මේ තත්වය මගහැරිල ගිහින් අම්මට කෑම කන්න පුලුවන් වීම නම් භාග්‍යයක්.

උදා වමනය තියන අයට මෙන්න පොඩි උපදෙස් කිහිපයක්.
    * කුරුඳු පොතු කෑල්ලක් හපන්න.
    * උදේ ඇඳෙන් නැගිටින්න කලින් ඇඳේ හාන්සිවෙලාම ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් කාලා උණු කිරි එකක් බොන්න ( ඔබේ මහත්තයට කියලා හදා ගන්න ).
    * දවස පුරාම ටික ටික කීප වාරයක් කෑම ගන්න.
    * කෑම හොදින් හපලා කන්න.
    * තෙල් සහ මේද අඩංගු කෑම පුළුවන් තරම් අඩු කරන්න.
    * අප්‍රිය ගතියක් දැනෙන වෙලාවට වෙරළු ගෙඩියක් , ලොවි ගෙඩියක් වගේ දෙයක් කටේ තබා ගන්න. එහෙමත් නැතිනම් ටොෆියක් සූප්පු කරන්න.
    * යෝගට් එකක් හරි කිරි ටිකක් හරි කන්න.
    * කෑම කෑවට පස්සෙ තරමක් උණුසුමට ඉඟුරු දාලා තේ එකක් බොන්න.

මීට අමතරව ඔබට පපුවේ දැවිල්ලක් ඇති වන්නට පිළිවන. මෙය සිදුවන්නේ ගර්භාශය විශාල වීම සමග ආමාශය උරස් කුහරය දෙසට තල්ලු වීම නිසා යම් යම් ආම්ලික යුෂ ගල නාලය දිගේ ඉහලට ඒම නිසාය. මෙවන් අවස්ථාවකදී එළකිරි මනරම් පිළියමක් ලෙස සැලකේ. තවද උරහිස එසවෙන පරිදි මිනිත්තු කිහිපයක් නිදා ගැනීමද ඉතා යහපත්ය. ආම්ලික ආහාරවලින් වැළකී සිටීමද අගනේය.

මේ දෙවල් වලින් යම්කිසි සහනයක් ලබා ගන්න පුලුවන් වේවි. ඔන්න ඔය දේවල් තමයි අම්මා කෙනෙක් වෙන්න යන ඔයාට මුලින්ම ඇති වෙන ගැටලු සහ ඒවාට පිළියම්.
 

blogger templates | Make Money Online