Saturday, May 22, 2010

අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය කලලයට අහිතකරද?

අපට ඇසෙන සංඛ්‍යාත පරාසය වන්නේ හර්ට්ස් 20 සිට 20000 දක්වාය. නමුත් මීට වඩා වැඩි සංඛ්‍යාත එනම් අධි සංඛ්‍යාත බල්ලන්, වවුලන් වැනි සතුන්ට ශ්‍රවණය කළ හැකිය. මේවැනි තරංග අල්ට්‍රා සවුන්ඩ් නම් වේ. මේ තරංග උපයෝගී කරගනිමින් කෙරණ එක් පරීක්ෂණයක් ලෙස මෙම පරීක්ෂණය හැඳින්විය හැකිය.

මෙය කිසිසේත්ම ශරීරයට අහිත කර නැත. එම නිසා බොරුවට බිය විය යුතු නැත. මෙම පරීෂණය කලලයට සති 12ක් පමන ගත වූ කලිහි කිරීම වඩාත් උචිතය. මෙම සති 12දී කරණු ලබන පරීක්ෂණය මගින් බබා ලැබීමට බලාපොරොත්තු වන දිනය ගැන වඩා නිවැරදි අගයක් ගත හැකිය.









එසේම කලලයේ පිහිටීම, බබාගේ හද ගැස්ම දැක ගැනීම, නිවුන් දරුවන්ගේ පිහිටීම දැන ගැනීම ආදී නොයෙකුත් කාරණා මෙමගින් දැන ගත හැකිය. එම නිසා මෙම පරීක්ෂණය වඩා වැදගත් මෙන්ම බිය නොවිය යුතු එකක් බවද කාන්තා ඔබ දත යුතුය.
 

blogger templates | Make Money Online