මෙහිදී කාන්තාවකගේ හා පිරිමියකුගේ එක් වීමෙන් එනම් සාර්ථක සංසර්ගයකට පසුව ශුක්‍රානු හා ඩිම්බ එක් වීම සිට දරුවා බිහි වීම දක්වා මෙම ලිපි පෙල ලියනු රිසියෙමි. තවද මෙම ලිපි නව යුවලකට මහත් සහයක් දෙනු ඇතැයි සිතමි.
කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද?
එය නම් ඩිම්බ සෛලය වේ. මෙය ශුක්‍රාණු සෛලයකට වඩා 100000 ගුණයකින් බරින් වැඩිය. සංසේචනයේ සිට ගර්භාශ බිත්තියේ තැන්පත් වනතුරු ගතවන දින 5 ක පමණ කාල වකවානුවතුළ මෙම ඩිම්බයට අවශ්‍යය පෝෂණ ද්‍රව්‍ය හෙතුවෙන් මෙතරම් බරක් වන්නේය.
දිනකට පිරිමියකු තුල ශුක්‍රාණු කෝටි ගණනක් නිපදවූවත් ඉන් පිටවන්නේ කෝටි 300ක් පමණක් බවද මෙයින්ද කෝටි 3ක ප්‍රමාණයක් පමණක් ගර්භාෂය තුළට යනු ඇත. මෙයින්ද බොහෝමයක් විනාශ වී සිය ගණනක් පමණ පැලෝපීය නාළය තුළට පිවිසෙනු ඇත. මෙයින්ද එකම එක ශුක්‍රාණුවකට පමණක් ඩිම්බයේ දොරටු විවෘතය. මෙහිදී ශක්තිවන්තයා බොහෝ විට ජය ගනී. මෙලෙස සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ බිත්තියේ තැම්පත් වන විට බොහෝ සෛල වලට බෙදී හමාරය. මේ වනවිට සෛල 100 ක් පමණ සෑදී ඇත.
