Saturday, January 16, 2010

කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද?

මා සයිබරය පුරා සෙවීම් කළද, ගැබිනියකට කියවිය සුදුසු, දැනුම එකතු කර ගත හැකි සිංහල සයිබර් පිටු සොයා ගත නොහැකි විය. එම නිසා මා ගැබිනියට සුදුසු පරිදි ලිපි කිහිපයයක් ලිවීමට කුඩා උත්සාහයක යෙදෙනු කැමැත්තෙමි.

මෙහිදී කාන්තාවකගේ හා පිරිමියකුගේ එක් වීමෙන් එනම් සාර්ථක සංසර්ගයකට පසුව ශුක්‍රානු හා ඩිම්බ එක් වීම සිට දරුවා බිහි වීම දක්වා මෙම ලිපි පෙල ලියනු රිසියෙමි. තවද මෙම ලිපි නව යුවලකට මහත් සහයක් දෙනු ඇතැයි සිතමි.


කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද?

එය නම් ඩිම්බ සෛලය වේ. මෙය ශුක්‍රාණු සෛලයකට වඩා 100000 ගුණයකින් බරින් වැඩිය. සංසේචනයේ සිට ගර්භාශ බිත්තියේ තැන්පත් වනතුරු ගතවන දින 5 ක පමණ කාල වකවානුවතුළ මෙම ඩිම්බයට අවශ්‍යය පෝෂණ ද්‍රව්‍ය හෙතුවෙන් මෙතරම් බරක් වන්නේය.

දිනකට පිරිමියකු තුල ශුක්‍රාණු කෝටි ගණනක් නිපදවූවත් ඉන් පිටවන්නේ කෝටි 300ක් පමණක් බවද මෙයින්ද කෝටි 3ක ප්‍රමාණයක් පමණක් ගර්භාෂය තුළට යනු ඇත. මෙයින්ද බොහෝමයක් විනාශ වී සිය ගණනක් පමණ පැලෝපීය නාළය තුළට පිවිසෙනු ඇත. මෙයින්ද එකම එක ශුක්‍රාණුවකට පමණක් ඩිම්බයේ දොරටු විවෘතය. මෙහිදී ශක්තිවන්තයා බොහෝ විට ජය ගනී. මෙලෙස සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ බිත්තියේ තැම්පත් වන විට බොහෝ සෛල වලට බෙදී හමාරය. මේ වනවිට සෛල 100 ක් පමණ සෑදී ඇත.



මෙය "මා"ගේ පළමු ලිපියයි

මෙය "මා"ගේ පළමු ලිපියයි. මා සිංහල බ්ලොග්කරණයට ආධුනිකයෙක්මි. මේ බ්ලොග් එකෙහි ලියැවෙන්නේ "අම්මා - දරුවා" යන සංකල්පය මුල් කරගෙනය. දරු ප්‍රසූතියට පෙර අම්මා කෙනෙකු වන්නට පෙරුම් පුරනා කාන්තාවක, ගැබිනි සමයේදී ඇයට හමුවන ගැටළු හා එම සති කිහිපය ගෙවෙනා ආකාරයද පසුව දරුවකු සමග ගෙවෙනා ජීවිතය මේ බ්ලොග් එක තුලදී ඔබට හමුවන සටහන්ය.

මා දොස්තර කෙනෙකු නොවන බවත් මෙහිලා එන යම් යම් කරුණු මා පොතින් පතින් උගත් ඒවා බවත් කියනු රිසියෙමි.යම් වැරදි යමක් දුටුවිට නොවලහා පවසන මෙන් ආයාචනා කරමි.

...මා...
 

blogger templates | Make Money Online