Saturday, January 16, 2010

කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද?

මා සයිබරය පුරා සෙවීම් කළද, ගැබිනියකට කියවිය සුදුසු, දැනුම එකතු කර ගත හැකි සිංහල සයිබර් පිටු සොයා ගත නොහැකි විය. එම නිසා මා ගැබිනියට සුදුසු පරිදි ලිපි කිහිපයයක් ලිවීමට කුඩා උත්සාහයක යෙදෙනු කැමැත්තෙමි.

මෙහිදී කාන්තාවකගේ හා පිරිමියකුගේ එක් වීමෙන් එනම් සාර්ථක සංසර්ගයකට පසුව ශුක්‍රානු හා ඩිම්බ එක් වීම සිට දරුවා බිහි වීම දක්වා මෙම ලිපි පෙල ලියනු රිසියෙමි. තවද මෙම ලිපි නව යුවලකට මහත් සහයක් දෙනු ඇතැයි සිතමි.


කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද?

එය නම් ඩිම්බ සෛලය වේ. මෙය ශුක්‍රාණු සෛලයකට වඩා 100000 ගුණයකින් බරින් වැඩිය. සංසේචනයේ සිට ගර්භාශ බිත්තියේ තැන්පත් වනතුරු ගතවන දින 5 ක පමණ කාල වකවානුවතුළ මෙම ඩිම්බයට අවශ්‍යය පෝෂණ ද්‍රව්‍ය හෙතුවෙන් මෙතරම් බරක් වන්නේය.

දිනකට පිරිමියකු තුල ශුක්‍රාණු කෝටි ගණනක් නිපදවූවත් ඉන් පිටවන්නේ කෝටි 300ක් පමණක් බවද මෙයින්ද කෝටි 3ක ප්‍රමාණයක් පමණක් ගර්භාෂය තුළට යනු ඇත. මෙයින්ද බොහෝමයක් විනාශ වී සිය ගණනක් පමණ පැලෝපීය නාළය තුළට පිවිසෙනු ඇත. මෙයින්ද එකම එක ශුක්‍රාණුවකට පමණක් ඩිම්බයේ දොරටු විවෘතය. මෙහිදී ශක්තිවන්තයා බොහෝ විට ජය ගනී. මෙලෙස සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ බිත්තියේ තැම්පත් වන විට බොහෝ සෛල වලට බෙදී හමාරය. මේ වනවිට සෛල 100 ක් පමණ සෑදී ඇත.



4 comments:

  1. ෂා.... නියමයි..
    මාත් හොය හොය හිටියේ සිංහල ලිපි මේ සම්බන්ධව...
    දිගටම ලියන්න....

    /බිඟුවා...!

    ReplyDelete
  2. ලිපිය නම් වරදක් නෑ. ඒත් ඇයි, පොඩි අයට මේ විද්‍යාත්මක දේවල් ඉගෙනගැනීම නරකද?

    ReplyDelete
  3. නරකයි කියලා මම කියන්නේ නෑ.
    ඒත් සුදුසු කල්හි ආවාහ විවාහ කියනවනේ...

    :)

    ReplyDelete
  4. ස්තූත්‍යි මාත් ගැබිණියක් පුලුවන් නම් දිගටම ලියන්න

    ReplyDelete

 

blogger templates | Make Money Online