Friday, February 5, 2010

බබා උපදින්නේ කවදාද?

දරුවෙකු බලපොරොත්තුවෙන් සිට්න කාන්තාවකට තමා ගැබ් ගත්තා යැයි දැන ගැනීම මහත් ආශ්වාදයක් ගෙන දෙන්නා වූ අපූර්ව සිද්ධ්යකි. කලලයකු දරු ගැබ තුළ අධිරෝපණය වී එනම් සවි වී සති 6කට පමණ පසුව විශේෂ එච්.සී.ජී (HCG) පරීක්ෂාවක් මඟින් මෙම අපූර්ව සිද්ධිය තහවුරු කරගත හැකිය. නමුත් සමහර කාන්තාවන්ගේ මාස ශුද්ධිය සිදුවීමට දින 35ක් පමණ ගත වේ. එවන් කන්තාවකට මෙම මුත්‍රා පරීක්ෂණය '+' වීමට සති 7ක් පමණ ගත විය හැකිය. මෙම පරීක්ෂණය '+' වුවහොත් එයින් කියැවෙන්නේ 99.5%ක්ම ඇය ගැබ් ගෙන ඇති බවය. මෙහිලා 0.05%ක අගය ගැනද කාන්තාවන් සැලකිලිමත් විය යුතුය.

එමෙන්ම මේ සදහා ලේ පරීක්ෂණයක්ද යොදා ගත හැකිය. මෙම පරීක්ෂණය අවසන් මාස ශුද්ධියේ සිට දින 11ක් පමණ ගත වූ විට කල හැකි අතර මේ සදහා අධික මුදලක් ද වැය වේ.

දැන් අපි බලමු දරුවා උපදින දිනය ගණනය කරන්නේ කෙසේද කියා...
මේ සදහා කල යුත්තේ අවසාන මාසික ශුද්ධිය වූ දිනයට මාස 9ක් හා දින 7ක් එකතු කිරීමය.

උදා :
   2009   01   01
+            09   07
   --------------------
   2009   10   08
   -------------------





දැන් ඔබටම ඔබේ බබා උපදින දිනය ගණනය කර ගත හැකිය.
ඔබේ දිනය හා වෛද්‍යවරයාගේ දින‍ය සසඳා බලන්න.

ගැබ් ගත් පසු ඔබේ සහ බබාගේත් හැසිරීම්, අසනීප, වෙනස්වීම්... මීළඟ ලිපි පෙලෙන් ලිවීමට සිතා සිටිමි.


පිංතූරය

5 comments:

  1. nice write. keep it up.

    ReplyDelete
  2. මේ මාස 9ක් හා දින 7 හරියන්නෙ සියයට කීදෙනෙක්ටද?

    ReplyDelete
  3. ඔබගේ වටිනා ප්‍රයත්නය අගය කරමි෴සොයුරිය!!

    ReplyDelete
  4. i'll write a java progran using this concept. thanx for the idea for me...

    ReplyDelete
  5. ඔව්, සාරංග කියනවා වගේ සමහර විට වෙනස්කම් වෙනවා. ඒවා ඔක්කොමත් හේතු තියෙනවා. මගේ ලොකු දූ ඉපදුනේ දවස් 8කට කලින්. ඒ කියන්නේ මාස 9ටත් දවසක් කලින්. චූටි දූ දවස් 11කට කලින්. මගේ මල්ලිත්, නංගිත්, මමත් අපි තුන් දෙනාම ඉපදිලා තියෙන්නේ මාස 7න්. මල්ලිව බේර ගන්නනම් සෑහෙන්න කරදර වෙලා අම්මට. දැන් නම් අවුරුදු 35ක සැමියෙක් එයා.

    ReplyDelete

 

blogger templates | Make Money Online