Friday, February 5, 2010

බබා උපදින්නේ කවදාද?

දරුවෙකු බලපොරොත්තුවෙන් සිට්න කාන්තාවකට තමා ගැබ් ගත්තා යැයි දැන ගැනීම මහත් ආශ්වාදයක් ගෙන දෙන්නා වූ අපූර්ව සිද්ධ්යකි. කලලයකු දරු ගැබ තුළ අධිරෝපණය වී එනම් සවි වී සති 6කට පමණ පසුව විශේෂ එච්.සී.ජී (HCG) පරීක්ෂාවක් මඟින් මෙම අපූර්ව සිද්ධිය තහවුරු කරගත හැකිය. නමුත් සමහර කාන්තාවන්ගේ මාස ශුද්ධිය සිදුවීමට දින 35ක් පමණ ගත වේ. එවන් කන්තාවකට මෙම මුත්‍රා පරීක්ෂණය '+' වීමට සති 7ක් පමණ ගත විය හැකිය. මෙම පරීක්ෂණය '+' වුවහොත් එයින් කියැවෙන්නේ 99.5%ක්ම ඇය ගැබ් ගෙන ඇති බවය. මෙහිලා 0.05%ක අගය ගැනද කාන්තාවන් සැලකිලිමත් විය යුතුය.

එමෙන්ම මේ සදහා ලේ පරීක්ෂණයක්ද යොදා ගත හැකිය. මෙම පරීක්ෂණය අවසන් මාස ශුද්ධියේ සිට දින 11ක් පමණ ගත වූ විට කල හැකි අතර මේ සදහා අධික මුදලක් ද වැය වේ.

දැන් අපි බලමු දරුවා උපදින දිනය ගණනය කරන්නේ කෙසේද කියා...
මේ සදහා කල යුත්තේ අවසාන මාසික ශුද්ධිය වූ දිනයට මාස 9ක් හා දින 7ක් එකතු කිරීමය.

උදා :
   2009   01   01
+            09   07
   --------------------
   2009   10   08
   -------------------





දැන් ඔබටම ඔබේ බබා උපදින දිනය ගණනය කර ගත හැකිය.
ඔබේ දිනය හා වෛද්‍යවරයාගේ දින‍ය සසඳා බලන්න.

ගැබ් ගත් පසු ඔබේ සහ බබාගේත් හැසිරීම්, අසනීප, වෙනස්වීම්... මීළඟ ලිපි පෙලෙන් ලිවීමට සිතා සිටිමි.


පිංතූරය

Saturday, January 16, 2010

කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද?

මා සයිබරය පුරා සෙවීම් කළද, ගැබිනියකට කියවිය සුදුසු, දැනුම එකතු කර ගත හැකි සිංහල සයිබර් පිටු සොයා ගත නොහැකි විය. එම නිසා මා ගැබිනියට සුදුසු පරිදි ලිපි කිහිපයයක් ලිවීමට කුඩා උත්සාහයක යෙදෙනු කැමැත්තෙමි.

මෙහිදී කාන්තාවකගේ හා පිරිමියකුගේ එක් වීමෙන් එනම් සාර්ථක සංසර්ගයකට පසුව ශුක්‍රානු හා ඩිම්බ එක් වීම සිට දරුවා බිහි වීම දක්වා මෙම ලිපි පෙල ලියනු රිසියෙමි. තවද මෙම ලිපි නව යුවලකට මහත් සහයක් දෙනු ඇතැයි සිතමි.


කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද?

එය නම් ඩිම්බ සෛලය වේ. මෙය ශුක්‍රාණු සෛලයකට වඩා 100000 ගුණයකින් බරින් වැඩිය. සංසේචනයේ සිට ගර්භාශ බිත්තියේ තැන්පත් වනතුරු ගතවන දින 5 ක පමණ කාල වකවානුවතුළ මෙම ඩිම්බයට අවශ්‍යය පෝෂණ ද්‍රව්‍ය හෙතුවෙන් මෙතරම් බරක් වන්නේය.

දිනකට පිරිමියකු තුල ශුක්‍රාණු කෝටි ගණනක් නිපදවූවත් ඉන් පිටවන්නේ කෝටි 300ක් පමණක් බවද මෙයින්ද කෝටි 3ක ප්‍රමාණයක් පමණක් ගර්භාෂය තුළට යනු ඇත. මෙයින්ද බොහෝමයක් විනාශ වී සිය ගණනක් පමණ පැලෝපීය නාළය තුළට පිවිසෙනු ඇත. මෙයින්ද එකම එක ශුක්‍රාණුවකට පමණක් ඩිම්බයේ දොරටු විවෘතය. මෙහිදී ශක්තිවන්තයා බොහෝ විට ජය ගනී. මෙලෙස සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ බිත්තියේ තැම්පත් වන විට බොහෝ සෛල වලට බෙදී හමාරය. මේ වනවිට සෛල 100 ක් පමණ සෑදී ඇත.



මෙය "මා"ගේ පළමු ලිපියයි

මෙය "මා"ගේ පළමු ලිපියයි. මා සිංහල බ්ලොග්කරණයට ආධුනිකයෙක්මි. මේ බ්ලොග් එකෙහි ලියැවෙන්නේ "අම්මා - දරුවා" යන සංකල්පය මුල් කරගෙනය. දරු ප්‍රසූතියට පෙර අම්මා කෙනෙකු වන්නට පෙරුම් පුරනා කාන්තාවක, ගැබිනි සමයේදී ඇයට හමුවන ගැටළු හා එම සති කිහිපය ගෙවෙනා ආකාරයද පසුව දරුවකු සමග ගෙවෙනා ජීවිතය මේ බ්ලොග් එක තුලදී ඔබට හමුවන සටහන්ය.

මා දොස්තර කෙනෙකු නොවන බවත් මෙහිලා එන යම් යම් කරුණු මා පොතින් පතින් උගත් ඒවා බවත් කියනු රිසියෙමි.යම් වැරදි යමක් දුටුවිට නොවලහා පවසන මෙන් ආයාචනා කරමි.

...මා...
 

blogger templates | Make Money Online